මොකද ඩෝ හැම තැනම සුදු කොඩි
වලව්වේ මහ ගෑනි මලහම
එක කොඩියක් එල්ලුවද
අපේ අම්මගෙ මළගමට
ගලෝපියව් ඔය ඔක්කොම
යන්නෙපා ඕකුන්ගෙ ලෙවකන්න
බඩට දන්කුඩ නැතත්
අපිත් රැස්පොට් නැද්ද
(අදින් වසර විස්සකට තිහකට පෙර ගමක සිදුවූ සිද්ධියකි.)
- දසයා
Tuesday, November 17, 2015
Friday, November 06, 2015
ඇවන්ගාර්ඩ් මාර-ගාඩ්
පරණ කතාවේ තියෙන්නේ මහ එවුන් හිටගෙන චූ කරනකොට, පොඩි එවුන් දුව දුව චූ කරනවා කියල උනත් පහුගිය දවස් ටිකේම අපේ පොලෝසිය පාර දිගේ දුව දුව කරපු එක, පොලෝසිය බාර ඇමතිතුමා ඊයේ පාර්ලිමේන්තුවේ හිටගෙන කරලා පෙන්නුවේය. නෙගෝසියේෂන් ස්කිල්ස් තියා ගමේ මරණාධාර සමිතියක ප්‍රශ්නයක් විසඳා ගන්නා විදිහවත් දන්නේ නැති කොල්ලෝ කෙල්ලෝ ඉල්ලගෙන කන්න ලෑස්ති වූ සැනින්ම පොලෝසියේ රාළහාමිලාත් එක පොදියට පැන තමන්ගේ ස්ට්‍රෙස් ඔක්කොම උන් පිටින් ඇරියේ තලු මර මර කුණක් කන නරි රොත්තක් වගේය. බලන් ඉන්න හිරිකිතය. ඒ ගැන රටේ මහා එකාගේ ඉඳලා පොඩි එකා දක්වාම ඇතිවෙන්න කතාකරන නිසා දැන් කතාකරන්නේ උන්ගේ ලොකුතැන ගැනය.
මාර-පොන මහත්තයා රටේ ප්‍රසිද්ධ නීතිඥයෙක් උනාට කන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ටෙරෙස්ට් කියා දෙයක් අහලවත් නැත. ඒ තබා ලොව සුප්‍රසිද්ධ මිස්ටර් ක්ලීන් වූ එතුමාගේ බොසාත් එහෙම දෙයක් දන්නේ නැත. එහෙම නැත්නම් රෙදි ඇඳගෙන පාර්ලිමේන්තුවේ ඇවන්ගාර්ඩ් ආරක්ෂා කර කර තමන් ඒ සමාගම වෙනුවෙන් මුදලට පෙනී සිටින නීතිඥයා කියලා කියද්දීත් ලඟට කතාකර දෙකක් කියා ඇමතිකම ගලවලා දාන්නේ නැතුව අහක බලන් ඉන්නේ නැත. ඇවන්ගාර්ඩ් හරිද වැරදිද කියන්න හුදී මහජනයා වූ අපට තියෙන තොරතුරු මදිය. ඒ සඳහා ක්‍රමවත් පරීක්ෂණයක් සිදුවිය යුතුය. හැබැයි ආණ්ඩුවේ ඇමතිලා පොදි පිටින් ඇවන්ගාර්ඩ් ආරක්ෂා කරන්න පපුව දෙන විදිහට, ඇවන්ගාර්ඩ් එකට හංගන්න දෙයක් තියන බවත් ඒ වෙනුවෙන් අත දිගහැර මුදල් වියදං වන බවත් දැනගන්න අමුතු පරීක්ෂණ අවශ්‍ය නැත.
රනිල් වික්‍රමසිංහගේ ක්ලීන් සූට් තියරි ඔහුගේ ගජ මිතුරන්ට අදාල නොවන බව ඔහු මීට කලිනුත් පෙන්වා දී ඇත. රටම එපා කියද්දී රවී මුදල් ඇමති කරන්නේත් මරපොනලා ජාතික ලැයිස්තුවෙන් ඇතුලට ගෙන ඇමතිකම් ලබදෙන්නේත් තමන්ව ආරක්ෂා කිරීමට කළගුණ සැලකීමටය. කෙසේවෙතත් රනිල් මෙවර බලයට ආවේ දුෂණ වංචා නිසා මහින්දගේ රාජාණ්ඩුව එපාවූ ජනතාවගෙන් ණයටගත් සටන් පාඨ පෙරටු කරගෙනය. ජනතාව මෛත්‍රී-රනිල් ආණ්ඩුවට බලය දුන්නේ සජින්ලා බැසිල්ලා වෙනුවට මාරපොනලා අබේවර්ධනලා රජකරවන්න නොවන බවත් එසේ උනොත් තමන්ටත් වැඩිකල් නොගොස් මහින්දගේ අඩිපාරේ යන්න වෙන බවත් සිහියට නොඑන්නේ නම් එය රනිල්ගේ විතරක් නොව රටේත් කරුමයය. - දසයා

Subscribe to:
Posts (Atom)